හලාවත රෝගීනට ආහාර හෝටලයකින් ? ජනනි කෞශල්‍යා

හෝටලයක මෙන් රෝගීනට ආහාර ලබා දීමට හලාවත මහා රෝහල පියවර ගෙන ඇත .  අද 22 දිනයේ සිට නිල වශයෙන් ආරම්භ වූ මේ වැඩපිළිවෙල යටතේ පෝෂ්‍යදායී අහාර වේලක් සෑම රෝගියෙකුටම ලබා දෙන අතර ඊට යෝගට් , පලතුරු වැනි අතුරුපසක් ලබා දීමටද පියවර ගෙන ඇත .

හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කල මේ වැඩපිළිවෙල යත්තේ සේවකයන් සියයක් සදහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ හෝටල් ආහාර පිළියෙළ කිරීමේ පුහුණුවක්ද ලබා දී ඇත . මේ පුහුණුව ජාත්‍යන්තය පිළිගන්නා මට්ටමක පවතින අතර ඒ අනුව මේ සේවකයනට නිවාඩු ලබා විදෙස් රටවල සේවය කිරීමේ අවස්ථාව උදා වේ .

මේ වැඩපිළිවෙල ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ පළමු වතාවට වන අතර එය සෞක්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ හා සෞක්‍ය අමාත්‍යංශයේ අගය කිරිමකටද ලක් විණි.

අද  දිනයේ හලාවත මහා රෝහලට විශේෂ දිනයක් වූ අතර මෙතෙක් අඩුවක්ව පැවති හෟද රෝග ඒකකය විවෘත කිරීම , ඔක්සිජන් නිෂ්පාදනාගාරය විවෘත කිරීම , කුණු ප්‍රතිචක්‍රීයකරණය කිරීම විවෘත කිරීම ඇතුළු කටයුතු කීපයක් සිදු විණි.

මේ සදහා ඉතා චාම් උත්සවයක් පැවති අතර එහිදී හලාවත මහා රෝහලේ වෙබ් අඩවිය එළිදැක්වීම ද සිදු විණි .

මේ අවස්ථාවට සෞක්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , සෞක්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්වරු සහභාගී වුහ .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *