ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට…

ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර ඇත .
අදාළ දුරකථන සමාගම් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙනි. ඒ අනුව, ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ නැංවීමට අදාළ සමාගම් වෙත විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව බලය පවරා තිබේ.
කෙසේ වෙතත් දේශීය දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ දමා නොමැති බවයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වැඩිදුරටත් පැවසූවේ.