ශ්‍රිපාද ආධ්‍යාත්මික පාමන , -චන්දන ජයවීර – හැටන්

අතිතයේ ශ්‍රී පාද වන්දනාවේ නිරත වු ආකාරය පිළිබදව ආවර්ජණය කෙරෙන විශේෂ අධ්‍යාත්මික පා ගමනක් අද මැදින් පුර පසලොස්වක පෝය දිනයේ පැවැත් වීමට අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පියවරගෙන තිබුනි.එම පාගමන අවසානයේ පහන් 7000 ක් දල්වමින් රට ට සහ රට වැසයන්ට සෙත් ප්‍රාර්ථනා කිරිමේ බෝධි පුජාවක් පැවැත්වීමට ද සංවිධානය කර තිබෙන බව ප්‍රාදේශිය ලේකම් සිතාරා රුවිණි ගමගේ මහත්මිය පැවසුවාය .
වර්ථමානයේ ශ්‍රිපාද වන්දනාව සදහා රථ වාහන වලින් පැමිණ සමනළ කඳුවැටිය පාමුල සිට උඩ මලුව දක්වා කරුණා කර ද ඉතිහාසයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි බැතිමතුන් තම නිවසේ සිට ම පාගමනින් පැමිණ වන්දනා කර නැවත ගිය බවත් එකල්හි ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන විට තම වතු පිටි නිවාස විශ්වාස වන්තයෙක්ට පවරා පැමිණි බවත් සදහන් වේ.
එවකට ශ්‍රිපාද මාර්ගය වු අඹගමුව,කලුගල,පොල්පිටිය,හගරාපිටිය,කොත්තැල්ලෙන හරහා වු මාර්ගය විය.මෙම අධ්‍යාත්මික පා ගමන ද අද උදෑසන කලුගල – යටිබේරිය සිමා මාලකය අසල සමන් දේවාලයේ පුජාවක් පැවැත්වීමෙන් අනතුරුව ආරම්භ කරන ලදි.
මෙම ගමන් මාර්ගය දෙපස සිට එදවස ශ්‍රිපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සදහා සංග්‍රහ කල ආකාරයට ම දේශිය ආහාර වර්ග වන කොලකැද,අග්ගලා,හැලප ආදියෙන් සංග්‍රහ කරන අයුරු ද දකින්නට ලැබීය.