දේශපාලකයනට ශාප ඉල්ලා මුන්නේශ්වරමේදී

රටේ මුදල් සොරකම් කරන ලද දේශපාලකයනට ශාප ඉල්ලමින් අද 13 පස්වරුවේ හලාවත මුන්නේශ්වරම ඊශ්වර දේවස්ථානයේදී දේව කන්නලව්වක් සිදු කරන ලදී . හලාවත ප්‍රදේශවාසීන් පිරිසක් මේ දේව කන්නලව්වට එකතු වී සිටි අතර මොවුන් මෙහිදී කියා සිටියේ මේ වන විට තමනට ජිවත් වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි .
මුන්නේශ්වරම ඊශ්වර දේවස්ථානයේ දේව කන්නලව්වෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ජනතා මුදල් සොරකම් කරන ලද දේශපාලකයනට ශාප ඉල්ලමින් පොල් ගැසීමක් ද සිදු විණි.
” අද පොල් ගෙඩියත් ගිනි ගණන් නමුත් මුන්ට ශාප ඉල්ලන්න වෙන කරන්න දෙයක් නැහැ . අද අපි බඩගින්නේ ඉන්නේ මේ දේශපාලකයන් නිසයි . දේශපාලකයන් එක එක්කෙනා ඔවුනටම චෝදනා කර ගන්නවා . සාමාන්‍ය ජනතාව විදිහට දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ දෙයියන්ගෙන් ඉල්ලීම පමණයි .’ මේ දේව කන්නලව්වට එක්ව සිටි තරුණයෙකු පැවසිය .