පෝලිම් යුගයක් ? මොනවාද තියෙන්නේ, අනුර කුමාර නුවරදී අසයි – මහනුවර වාර්තාකරු

මේවන විට රටේ තෙල්,ගෑස්,කිරිපිටි,ඖෂධ හිඟවී පෝලීම් යුගයක් නිර්මාණය වී තිබෙන බවත් මෙය අර්බුදයේ ස්වභාවය අපට පෙන්නුම් කරන කරනා මිස සැබෑ අර්බුදය නොවන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි.
ආර්ථිකය කඩා වැටුණු විට අර්බුදය අපට පෙන්නුම් කරන්නේ මේ අකාරයට බවද ඒ මහතා කීය.
මහනුවරදී ඊයේ   (05) පැවැති රැස්වීමකදී දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අනුරකුමාර දිසානායක මහතා මෙසේද කීවේය.
විදේශීය ශ්‍රමිකයින්ගෙන් අපට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 7.5 ක් වගේ මුදලක් ලැබුණා.නමුත් ඒක දැන් ලැබෙන්නේ නැහැ.පසුගිය ජූනි සිට දෙසැම්බර් දක්වා මාස 07 දී විදෙස් ශ්‍රමිකයින්ගෙන් රටට ලැබුණු ආදායම 2020 සාපේක්ෂව මිලියන 2055 කින් අඩුවුණා.පසුගිය වසරේ ජනවාරි අපට ඩොලර් මිලියන 675 ක් ලැබුණා.මේ වසරේ ජනවාරියේදී ඒක මිලියන 255 ක් දක්වා අඩුවුණා.

විදේශීය සංචාකරයෝ ජනවාරී මාසයේදී 82000 ක් ආවා.පෙබරවාරියේදී 84000 ක් ආවා. ලංකාවට වැඩිම සංචාකරයින් පිරිසක් ආවේ 2018 දීයි.එම වසරේ සංචාරකයින් මිලියන 2.4 ක් මෙරටට පැමිණියා.අපි හිතුවා කොවිඩ් අවසන් වුණාම සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් වෙයි කියලා.නමුත් අපේක්ෂා කළ විදිහට ඒක සිද්ධ වුණේ නැහැ.තෙල්,ගෑස්,කිරිපිටි,බෙහෙත් හිඟවීම,ආනයන සීමා කිරීම,වරායේ කන්ටේනර් සිරවීම වැනි අර්බුද අපිට දැනෙනවා.තෙල් හිඟවීම හෝ විදුලිය නැති වීම නෙවෙයි අර්බුදය.ඒවා ඇත්තටම අර්බුදය තිබෙන විදිහ අපිට දැනෙන ආකාරයි.අපේ රටේ දැන් කන්ටේනර් ගබඩා වෙනවා.බඩු නිදහස් කරගන්න බැරි වෙනවා.නැව් සමාගම් ලංකාව අත්හැරලා යනවා.අපනයනකරුවන් ඉන්නවා දීර්ඝ කාලයක් අපනයන කරගන්න විදිහක් නැතුව.සාමාජයේ හැමදෙනාටම අර්බුදයක් තිබෙන බව පැහැදිලියි.අපේ රටේ දැන් තිබෙන ප්‍රධාන අර්බුදය ඩොලර් නැතිකම.වර්තමානයේ ලෝකයේ කිසිදු රටක ආර්ථිකය වහලා තියාගන්න බැහැ.නමුත් ලෝකයේ කිසිම රටක් අපේ වගේ ආර්ථිකය විවෘත කළෙත් නැහැ.ආනයන වියදම ඩොලර් බිලියන 20.6 ක්.අපනයන ආදායම බිලියන 12.5 යි.මේ දෙක අතර වෙළෙඳ පරතරය බිලියන 8.1 ක්.

පසුගිය දෙසැම්බර් 21 වන විට අපේ රටේ සමස්ත ණය බර කෝටි 1760000 ක්.ඉන් විදේශීය ණය 42% ක්. ඒක ඩොලර් බිලියන 35 ක්.ඉතිහාසයේ පළමු වතාවට විදේශීය ණය පංගුව වැඩි වුණා.හම්බන්තොට වරායට ගියේ බිලියන 1.2 ක්. පෝට් සිටි එකට බිලියන 1.3ක්. නොරොක්චිලි බලාගාරයට වැය වුණේ බිලියන 0.9 යි.මේකෙන් අපේ ණය පංගුව කොච්චරද කියලා හිතාගන්න පුළුවන්.විදේශීය ණය වලින් ඩොලර් මිලියන 15 ක් ස්වෛරී බැදුම්කර වලින් ගත් ණය.ඉදිරි ජූනි මාසයේ 26 දිනට තවත් ඩොලර් බිලයනක ණයක් ගෙවන්න තිබෙනවා.සෑම මසකම ඩොලර් මිලියන 350 ක් 450 ක් අතර මුදලක් දිගු කාලීන ණය වල වාරිකය සහ පොළිය ලෙස ගෙවන්න තිබෙනවා.රජයේ ආදායම 2021 මුල්මාස හතරේ බිලියන 482 ක්. මුල් මාස හතරේ ණය බිලියන වාරිකය 310 යි.පොලී වාරිකය බිලියන 366 යි.මේ මාස හතරේ ආණ්ඩුවේ වියදම බිලියන 1002 යි.වියදමේ එකතුව 1678 යි.බණ්ඩාගාරයට ආවේ බිලියන 482 යි.රටම ණය උගුලක හිරවෙලා තිබෙන්නේ.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *