ජලයයි , ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයයි අවබෝධතා ගිවිසුමක – ප්‍රියදර්ශිකා ඒකනායක

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී අත්සන් කරන ලදි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.
ජල පිරිපහදු කාර්මික ශිල්පීන් / ක්‍රියාකරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති පළමු පුහුණු පාඨමාලාව මෙම වසරේ මැයි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව ද මෙහිදී අවධාරණය කරන ලදි.
සහයෝගීතාව ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්ව වැඩකිරීමේ වැදගත්කම මෙහිදී උපකුලපතිවරයා අවධාරණය කළේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති රණතුංග මහතා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව සිය ස්තුතිය පුද කළ අතර, මෙය රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වැදගත් රාජ්‍ය ආයතන දෙකක් අතර දීර්ඝ සහයෝගීතාවයක ආරම්භය බව ද පැවසීය.