නුග ගසක අත්තක් කඩා වැටී යතුරුපැදිකරු මරුට . ප්‍රදේශවාසීන් නුවරඑළිය-තලවාකැලේ ප්‍රධාන මාර්ගය පැය කීපයකට අවහිර කරයි.චන්දන ජයවීර – හැටන්

තලවාකැලේ -නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ,මල්ලිඅප්පුව ප්‍රදේශයේ  දී  යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩාගෙන වැටීමෙන්  යතුරු පැදි කරු මියගොස් ඇත

අද පස්වරු 03 ට පමණ මේ අනතුර සිදුව තිබේ .

යතුරුපැදිකරු බරපතල තුවාල සහිතව දිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව  මිය ගොස් ඇත . මෙසේ මියගොස් ඇත්තේ  තලවාකැලේ, ලෝගි වත්තේ පදිංචිව සිටි වේළුසාමි මහේෂ්වරන් (40) නැමති දෙදරු පියෙකි. මියගිය අය තලවාකැලේ දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන අයෙක් බව පොලීසිය කියයි.

නුග ගසේ අත්ත වැටෙන අවස්ථාවේ මාර්ගයේ ධාවනය කරමින් තිබූ ත්‍රීවීල් රරථයකට ද හානි සිදුව ඇති බවත්, ත්‍රීවිල් රථයේ ගමන් කළ අයට අනතුරක් සිදුව නොමැති බවත් පොලීසිය පවසයි.

මෙම විශාල නුග ගසේ අත්ත කඩා වැටීමෙන් මාර්ගය දෙපස තිබූ විදුලි හා දුරකතන රැහැන් කණු දෙකක්ද කඩා වැටී තිබේ. නුග ගසේ අත්ත කඩා වැටීමෙන් මාර්ගය පසෙක තිබූ  හින්දු කෝවිලකටද හානි සිදුව තිබේ.

නුග ගසේ අත්ත කැපීම නිසා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ජනතාව ගසේ අත්ත කඩා වටුණ තලවාකැලේ- නුවරඑළිය  ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී  ප්‍රධාන මාර්ගය පැය කීපයක් අවහිර කරමින් උද්ඝෝසණයක නිරත වූහ. එම තත්වය හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *