ශ්‍රීපාද වන්දනාකරුවන් රැගෙන පැමිණි වෑන් රථයක් අනතුරට පත්වී රියදුරු ඇතුළු 05 කට තුවාල. හැටන් චන්දන ජයවීර

ශ්‍රීපාද වන්දනා කරුවන් රැගෙන පැමිණි වෑන් රථයක් මස්කෙළිය -සාමිමලේ ප්‍රධාන මාර්ගයේ, බාග්‍රෝ ප්‍රදේශයේදී පෙරේදා (19) දා රාත්‍රී 11.45 ට පමණ මාර්ගයෙන් ඉවතට අඩි 15 ක් පමණ පල්ලමේ පිහිටි බෝක්කුවකට පෙරළීමෙන් රියදුරා ඇතුළු 05 දෙනෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතළත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
තුවාල ලබා සිටි පිරිස අසල්වාසීන් විසින් “සුවසැරිය” ගිලන්රථ සේවය මගින් වහා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. රියදුරා සිහිසුන්ව සිටි බව අසල්වාසීන් පැවසුවා.
මාතර, කෝටගොඩ ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාව සිදුකර නැවත මාතර බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. නල්ලතන්නියේ සිට මස්කෙළිය බලා පැමිණ බගවන්තලාව හරහා කෙටි මාර්ගයෙන් මාතර බලා ගමන් කිරීමේ අරමුණින් පැමිණ ඇති මෙම පිරිස මාර්ගය වැරදී මස්කෙළිය-සාමිමලේ මාර්ගයෙන් වෑන් රථය ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර වන අවස්ථාවේ වෑන් රථයේ 12 දෙනෙක් ගමන් කර ඇති බවත්, සියළු දෙනා නින්දේ පසු වූ බවත්, රියදුරාටද නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවත් වෑන් රථයේ අනෙක් පිරිස පැවසවා.
මස්කෙළිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි