අල්ලස් ගද්දි PHI මාට්ටු – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ආපන ශාලවෙන් රුපියල් පන්දහසක මුදලක් අල්ලස් ලෙස ගැනීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්  අද (14) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආපන ශාලවේ හිමිකරුට බලපෑම් කරමින් නිතර මෙම මුදල් ලබා ගැනීම සිදුකර තිබෙන බව පරික්ෂණ මගින් අනාවරණය වී ඇත.
ආපන ශාලවේ අඩුපාඩු පෙන්වා දෙමින් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව පවසමින් දිගින් දිගටම සිදු කරනු ලබන අල්ලස් ගැනීම සම්බන්ධව එය පවත්වාගෙන යන පුද්ගලයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පේරාදෙණිය පොලීසියට ඊයේ (14) දහවල් බාරදී ඇත.
සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *