පිරිවෙන් හා දහම් අධ්‍යාපනයට සුභයි _නදීක දයා බණ්ඩාර – මහනුවර

පිරිවෙන් හා දහම් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ඇතුලුව බෞද්ධ ශාසනික පුනර්ජීවයක් සඳහා ඉදිරි වර්ෂ කිහිපය තුළදී නිසි ස්ථිර විසදුම් ලබාදීමට රජය මැදිහත්වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.
මහා සංඝරත්නය විසින් මෑත කාලයේදී ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබදව රජයේ කඩිනම් අවධානය යොමු වී ඇති බවත් ඒ සඳහා විසදුම් ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (09) පැවැති සමස්ථ ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මධ්‍යම පළාත් සභාපති සහ ලේඛකාධිකාරී හිමියන්ගේ සහභාගීත්වයෙන් ශාසනික ගැටලු පිළිබඳව පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.
මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් පැවැති මෙම හමුවේදී බෞද්ධ ශාසනික පරිසරය, දහම් අධ්‍යාපනය සහ විහාරස්ථාන සංවර්ධනය ඇතුලු අංශ කිහිපයක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඉරු දින දහම් පාසල් අනිවාර්යය කොට පුද්ගලික උපකාරක පංති තහනම් කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වී ඇතැයි කී පළාත් ආණ්ඩුකාරවරයා, ඒ පිළිබදව විවිධ පළාත් වල සභා සම්මත කර ගැනීම් කර ඇතැයි කීවේය. නමුත් ජාතික මට්ටමේ ප්‍රතිපත්තියක් තුළින් සහ සමාජය විසින්ම ඉරු දින දහම් අධ්‍යාපනය වෙනුවෙන් යොමුවීම තුළින් සුදුසු විකල්පයක් කරා යොමු විය හැකි බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.
බෞද්ධයන් ඉලක්ක කර ගත් අන්‍යාගමීකරණය වැළැක්වීම, රජයේ ඉඩම් තුළ ස්ථාපිත විහාරස්ථාන සඳහා පූජා ඔප්පු ලබාදීම, විහාරස්ථාන සතු ඉඩකඩම් බලෙන් අල්ලා ගැනීම හා ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීම වැළැක්වීම, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත විහාරස්ථාන කඩිනමින් සංරක්ෂණය කිරීම, පිරිවෙන් හා දහම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම ඇතුලුව මහා සංඝරත්නය විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී විසදුම් ගණනාවක් ඉදිරිපත් කිරීමට හැකි යැයි ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේය.
සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපසභාපති අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, එම බල මණ්ඩලයේ ලේඛකාධීකාරී පූජ්‍ය මුගුණුවල අනුරුද්ධ හිමි ඇතුලු මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.