මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සංශෝධන පාර්ලිමේන්තුවට – හංසලි උමාදී

මේ අනුව, අද දිනයේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග දෙකක් හා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සිදුකෙරෙනු ඇති.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන දෙකක් අද ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබෙයි.

ඒ අනුව, එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අගවිනිසුරුවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයකු පත් කිරීමට නියමිතය.

එමෙන්ම, එම අරමුදලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ විෂයභාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත් කරන නියෝජිතයෙකු එම සාමාජික ධුරය දැරීම සඳහා වන සංශෝධනයක් ද අද දින ඉදිරිපත් කරන සංශෝධන අතරට ඇතුළත් වෙයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *