සාමුහික ගිවිසුමෙන් වතු හාම්පුතුන් ඉවත්වීම නිසා කම්කරුවන් අසීරුතාවයට – නදීක දයා බණ්ඩාර – මහනුවර

 

කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීම ඇතුලුව අවශ්‍යතා ගණානාවක් සපුරාලන සාමුහික ගිවිසුමෙන් වතු හාම්පුතුන් ඉවත්වන බව ප්‍රකාශ කිරීම නිසා වතු කම්කරුවන් දැඩි අසීරුතාවයට පත්වන බව ලංකා කම්කරු රතු කොඩි සංගමය පවසයි.

ලංකා කම්කරු රතු කොඩි සංගමයේ උපදේශක මේනකා කන්දසාමි මහත්මිය පෙන්වා දෙන්නේ මේ වන විට වතු හාම්පුතුන්ගේ සංගමය මෙම සාමුහික ගිවිසුමෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇති බවයි.

සාමුහික ගිවිසුම අත්සන් කළද එහි අඩංගු රුපියල් 1000ක දෛනික වැටුප ලබාදීම, සේවක අර්ථසාධක අරමුදල් ලබාදීම, ප්‍රසූත දීමනා හා වැටුප් සහිත දීමනා, වතුවල ප්‍රමාණවත් පරිදි වැඩ ලබා දෙමින් සේවය කිරීම ආදි ඉල්ලීම් පවා ඉටු නොවුණු බව ඇය සඳහන් කළාය.

එවැනි අවස්ථාවක වතු හාම්පුතුන් සාමුහික ගිවිසුමෙන් ඉවත්වීම බරපතල අසාධාරණයක් යැයි පෙන්වා දෙන ඇය, ඉදිරියේදී වතු කම්කරුවන්ට සිදුවන අසාධාරණයක් වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පවා පැමිණිලි කිරීමට නොහැකි වාතාවරණයක් උදාවන බව ද පෙන්වා දුන්නායා.

ගිවිසුම අත්සන් කොට වසර කිහිපයක් ගතවී ඇති නමුත් එය ක්‍රියාත්මක නොවීම අහෝසීවන තත්ත්වය පිළිබදව ඉදිරියේදී වතු කම්කරුවන් මගින් බලධාරීන් වෙත ඉල්ලීම් කිරීමට පියවර ගන්නා බව ලංකා කම්කරු රතු කොඩි සංගමයේ උපදේශක මේනකා කන්දසාමී මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *