දින 14කට පසුවත් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට හෙළිදරව්වක් – හංසලි උමාදී

කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. 
මේ කරුණු පැහැදිලිවී ඇත්තේ, බ්‍රසීලය පාදක කරගෙන කොවිඩ් ආසාදිතයින් 38දෙනෙකු යොදා, ප්‍රංශ සහ බ්‍රසීල විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණයකදීය.
ඇතැම් රෝගීන්ගේ සිරුරේ දින 71ත් 232ත් අතර කාලයක් වෛරසය පැවතිය හැකි බව ද විද්‍යඥයින් පෙන්වා දෙයි.
මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට සමාජය පුරා පැතිරෙමින් තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.