ගජමුතු දෙකක් සමග හතරක් අත්අඩංගුවට -මහනුවර වාර්තාකරු

රුපියල් කෝටි දෙකකට ගජමුතු දෙකක් අළෙවි කිරීමට ගිය තරුණයින් සිව් දෙනෙකු මහනුවර නගර මධ්‍යයේදී  (23) දහවල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ සහාය ඇතිව අදාළ වැටලීම සිදුකර ඇත.
රුපියල් කෝටි දෙකකට ගජමුතු මිලදී ගැනීම සඳහා උපාය දූතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත්කර තිබේ.
සැකකරුවන් මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 24 හා 26 වයසේ පසුවන බව පොලීසිය පවසයි.
මෙම ගජමුතු මොණරාගල ප්‍රදේශයෙන් තමන්ට ලැබුණු බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *