මාතර රන්දූපත තාවකාලික පාලම ජනතා අයිතියට – ජනනි කෞශල්‍යා

මාතර නගරය සහ රන්දූපත උපෝසථාගාර රාජමහා විහාරස්ථානය සම්බන්ධ කරමින් යුධ හමුදා භට පිරිස් විසින් අභිනවයෙන් ඉදිකරන ලද තාවකාලික විකල්ප පාලම ඊයේ (12) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ඉංජිනේරු බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් 14 වන රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය, 16 වන වැඩපල ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු බලකාය, 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකාය, 613 වන බලසේනාව සහ 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහයෝගය ඇතිව තාවකාලික පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරිණි