කිරි පිටි දෙන්නම් කියා නරස් නෝනලා රවට්ටලා – ජනනි කොඩිතුවක්කු

 

මේ දිනවල හිග භාණ්ඩ ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන භාණ්ඩ ලබා නොදී මාරු වී යන පුද්ගලයෙකු පිලිබදව මාරවිලින් වාර්තා වෙයි . පසුගිය 24 වැනි දින මෙවැනි
පුද්ගලයෙකු මාරවිල රෝහලට පැමිණ ඇති අතර එහිදී ඔහු රටේ ප්‍රධාන පෙලේ කිරිපිටි සමාගමක නියෝජිතයෙකු බව පවසා තමන්ගෙන් කිරිපිටි ලබා ගත හැකි බව පවසමින් රෝහල්
සේවකයන් කීප දෙනෙකුගෙන් මුදල් එකතුකරගෙන පලා ගොස් තිබේ .

මේ සිදුවීම අනාවරණය වුයේ එම වංචා කරුට අසුවූ එක් රෝහල් සේවිකාවක් මාරවිල පොලිසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙනි න්. හෙද නිලධාරිනියක වන මගෙන් රුපියල් 11,000 ක මුදලක් ලබා ගෙන තිබේ . රෝහල් සේවකයනට මේ පුද්ගලයා පිලිබදව සැක සිතීමෙන් අනතුරුව ඔහු පසු පස ලුහු බැද ඇති අතර එහිදී ඔහු ත්‍රිරෝද රථයක නැග පලා යන අයුරු
ප්‍රදේශයේ සි .සි .ටි .වී . කැමරා පද්ධතියේ සටහන් ව ඇත .

මේ පුද්ගලයා රෝහලට ඇතුළු වී ඇත්තේ හෙද නිලධාරිනියක් මුණ ගැසීමට බව ප්‍රකාශ කල බව රෝහල් ආරක්ෂකයන් විසින් මාරවිල රෝහලේ පරිපාලනයට දැනුම් දී ඇත .

AAE-8760 අංක දරණ ත්‍රිරෝද රථයෙන් මෙම පුද්ගලයා පැමිණි ඇති අතර . මොහු වාට්ටු කීපයකට ගොස් එහි සේවය කරන හෙද නිල නිලධාරීන් ඇතුළු සේවකයන්ගෙන් ද ඇණවුම් ලබා ගැනීමට මෙලෙස උත්සාහ කර ඇත.

අදාල පුද්ගලයා මෙසේ රාජ්‍ය ආයතන වලට සහ පුද්ගලික ආයතන වලට ගොස් මෙලෙස වංචනික ලෙස මුදල් ලබා ලබාගන්නා අයෙකු බව වාර්තා වෙ .

මාරවිල පොලිසිය මේ පිලිබදව පරීක්ෂණ පවත්වයි .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *